චීන නාවික හමුදාව “ආරක්ෂක තීරය – 2025” ඒකාබද්ධ යුද අභ්‍යාසයට සහභාගී වනු ඇත. මෙම අභ්‍යාසය චීනය, ඉරානය සහ රුසියාව යන රටවල නාවික හමුදා විසින් සංවිධානය කරනු ලබන අතර මාර්තු මාසයේ මුල සහ මැද භාගයේදී ඉරානයේ Chabahar වරාය අසල ප්‍රදේශයේදී පවත්වනු ලැබේ. චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශය අද (9) මේ බව ප්‍රකාශ කළේය.
මෙම අභ්‍යාසයට සහභාගී වීම සඳහා චීනය 47 වන පරිවාර යුද නෞකා කණ්ඩායමේ යුද නාශක නෞකාවක් වන Baotou නෞකාව සහ විශාල සැපයුම් නෞකාවක් වන Gaoyouhu නෞකාව යොමු කිරීමට නියමිත ය.
මෙවර යුද අභ්‍යාස සැලැස්ම ප්‍රධාන වශයෙන් සමුද්‍ර ඉලක්කවලට පහර දීම, ස්ථානීය පරීක්ෂාවන් සහ අත්අඩංගුවට ගැනීම්, හානි පාලනය සහ ඒකාබද්ධ සෝදිසි කිරීම් සහ මුදාගැනීම් වැනි විෂයයන්ට අදාළව සිදු කරයි. සහභාගී වන රටවල හමුදා කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කිරීම එහි අරමුණයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්