ආසියාන් ප්‍රජාව ගොඩනැගීම මෙන්ම කලාපීය සහයෝගතාවයේ ආසියාන් කේන්ද්‍රස්ථානය සහ ජාත්‍යන්තර කටයුතුවලදී එහි කාර්යභාරය සඳහා දැඩි ලෙස අනුබල දෙන බව චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා පවසයි.
ලාහෝස් හි vientian’s Wattay ගුවන්තොටුපළේදී ලිඛිත ප්‍රකාශයක් කරමින් ඊයේ(9) සවස ඔහු මේ බව පැවසීය. ආසියාන් සංගමයේ වත්මන් සභාපති රට වන ලාඕසයේ අගමැති Sonexay Siphandone මහතාගේ ආරාධනාවකට අනුව නැගෙනහිර ආසියාවේ සහයෝගතාව පිළිබඳ නායකයන්ගේ රැස්වීමට සම්බන්ධ වීමට සහ නිල සංචාරයක් සඳහා ඔහු ලාඕසයට පැමිණ සිටියි.
කලාපීය ප්‍රධාන සහයෝගතා ගැටළු සම්බන්ධයෙන් සියලුම පාර්ශ්ව සමග ගැඹුරු අදහස් හුවමාරු කරගැනීමටත්, කලාපය ගෝලීය සංවර්ධනය සඳහා වැදගත් එන්ජිමක් බවට පත් කිරීමේ ඒකාබද්ධ ප්රයත්නයට දායක වීමටත් චීනය සූදානම් බව Li Qiang මහතා ප්‍රකාශ කළේය.
More Stories
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්