ඇමරිකාවේ විශාලතම සතුරා තමාම බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක කර්නල් Zhang Xiaogang මහතා පවසයි. ඊයේ (26) පස්වරුවේ පැවති චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශයේ නිත්‍ය මාධ්‍ය හමුවේ දී, ඔහු මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.
ඇමරිකාවේ “2025 මූල්‍ය වර්ෂය සඳහා ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත” තුළින් ඊනියා “චීන හමුදා තර්ජනය” අතිශයෝක්තියට නංවන බවත්, හමුදා වියදම් වැඩි කිරීමට ඉන් නිදහසට කරුණු ඉදිරිපත් කර තිබේ.ආධිපත්‍යය පවත්වා ගෙන යමින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත්වීමක් එහි පවතින බව Zhang Xiaogang මහතා පැවසීය. චීනය මේ සම්බන්ධයෙන් දැඩි ලෙස අප්‍රසාදය පළ කරන අතර ඊට දැඩිව විරුද්ධ වන බව ද ඔහු පැවසීය.
චීනය කිසිවිටෙක කිසිවෙකුට අභියෝග කිරීමට අදහස් නොකරන බවත්, ඇමරිකාවේ විශාලතම සතුරා තමාම බවත් Zhang Xiaogang මහතා පැවසීය. ඇමරිකාව හමුදා වියදම් අතින් ලෝකයේ පළමු ස්ථානයට පත්ව ඇති අතර එහි ආධිපත්‍ය ව්‍යාප්තියේ ස්වභාවය මුලුමනින්ම හෙලිදරව් කරමින් වසරින් වසර යොදවන අරමුදල් ප්‍රමාණය ද වැඩි කර ඇත.
චීන හමුදාව සියලු උල්ලංඝනයන් සහ ප්‍රකෝප කිරීම්වලට අධිෂ්ඨානශීලීව මුහුණ දෙන බවත් ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කරන බවත් Zhang Xiaogang මහතා අවධාරණය කළේය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ