මෑතකදී චීන යුද නැව් තුනක් ඕස්ට්‍රේලියාව අසල මුහුදේ සජීවී උණ්ඩ අභ්‍යාසයක් සිදු කළ බව ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔස්ට්‍රේලියාව චීනය විනිවිදභාවයක් නොමැති බව ක්‍රියා කර ඇති බවට චෝදනා කළේ ය.
මේ පිළිබඳ චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක Wu Qian මහතා පෙන්වා දුන්නේ, ඕස්ට්‍රේලියානු පාර්ශවයේ අදාළ ප්‍රකාශ සත්‍ය තත්ත්වය සමග සම්පූර්ණයෙන්ම නොගැලපෙන බවයි. චීන නාවික හමුදාවේ පුහුණු කලාපය ඕස්ට්‍රේලියානු වෙරළ තීරයෙන් බොහෝ දුරින් පිහිටා ඇත. එම කාලය තුළ, නැවත නැවතත් ආරක්ෂක නිවේදන පළ කිරීමෙන් පසු, චීන යුද නැව් මුහුද සජීවී උණ්ඩ සහිත පුහුණුවීම් සිදු කළේය. චීනයේ ක්‍රියාකාරකම් ජාත්‍යන්තර නීතියට සහ පොදු ජාත්‍යන්තර භාවිතයන්ට අනිවාර්යෙන්ම අනුකූල වන බවත්, මෙය ගුවන් ගමන් ආරක්ෂාවට බලපා නොමැති බවත්, චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළේ ය.
ඕස්ට්‍රේලියානු පාර්ශ්වය එම තත්ත්වය මැනවින් දැනගෙන සිටියද, චීනයට එරෙහිව අසාධාරණ ලෙස චෝදනා කරමින් සත්‍ය තත්ත්වය හිතාමතාම විකෘති කර ඇත. ඔස්ට්‍රේලියාවට දෙරට අතර හමුදා සබඳතා පරමාර්ථවාදී හා තාර්කික ආකාරයකින් දැකීමට හැකිවනු ඇතැයි චීනයේ බලාපොරොත්තු වෙයි. ඔස්ට්‍රේලියාව දෙරට අතර හමුදා සබඳතා ස්ථාවර ලෙස වර්ධනය කර කිරීමට ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද, Wu Qian මහතා එහිදී පැවසීය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්