චීන අගමැති Li Qiang මහතා අද(9) උදෑසන ප්‍රධාන ජාත්‍යන්තර ආර්ථික සංවිධාන ප්‍රධානීන් සමග, “1+10” සංවාදය පැවැත්විය. “සංවර්ධනය පිළිබඳ සම්මුතියකින් පොදු ගෝලීය සමෘද්ධිය ප්රවර්ධනය කිරීම” එහි තේමාවයි.
මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පෙන්වා දුන්නේ, වසර ගණනාවක් පුරා චීන නායකයින් ප්‍රධාන ජාත්‍යන්තර ආර්ථික සංවිධානවල ප්‍රධානීන් සමඟ නිතිපතා සංවාද පවත්වා ඇති අතර, මෙය ලෝක ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී සහ ගෝලීය ආර්ථික පාලනය වැඩිදියුණු කිරීමේදී ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. චීනය ආර්ථික ගෝලීයකරණයේ සහ බහුපාර්ශ්වවාදයේ දැඩි ආරක්ෂකයෙකි. චීනය සෑම විටම ලෝකය සමග සංවර්ධන ප්‍රතිලාභ බෙදා ගනිමින් සිටී. ස්ථාවර හා උසස් තත්ත්වයේ නිෂ්පාදන ලෝකයට ලබා දෙන අතරම, චීනය, ලෝකය සමග බෙදාගත් විශාල වෙළඳපොලක් සමගින් ලෝක සංවර්ධනය සඳහා විශාල අවස්ථාවක් ගෙන දී ඇතැයි ද, Mao Ning මහත්මිය සඳහන් කළා ය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්