චීනයේ කෘෂිකාර්මික විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදනය ලෝකයේ ඉහළම මට්ටමට පැමිණ ඇත.
14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වන සැසිවාරයට සහභාගී වන චීන කෘෂිකර්ම හා ග්‍රාමීය අමාත්‍ය Han Jun මහතා අද (8) බෙයිජිං හි මහජන මහා ශාලාවේදී මාධ්‍යවේදීන් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පැවසීය.
පසුගිය වසරේ චීනයේ ධාන්‍ය නිෂ්පාදනය කිලෝග්‍රෑම් බිලියන 700 ක් බව ඔහු ප්‍රකාශ කළේය. ඒ සමගම, ඒක පුද්ගල ධාන්‍ය නිෂ්පාදනය කිලෝග්‍රෑම් 500 ක් වන අතර එය ලෝක සාමාන්‍යය ඉක්මවන බව ද ඔහු කියා සිටියේය. එමෙන්ම, උසස් මට්ටමේ කෘෂිකාර්මික උපකරණ හා යන්ත්‍ර, ජීව විද්‍යාත්මක අභිජන ක්‍රම, ඩ්‍රෝන යානා සහ AI තාක්ෂණය වැඩි වැඩියෙන් කෘෂිකර්මාන්තයේ දී භාවිත වන බව Han Jun මහතා එහිදී පෙන්වා දී ඇත.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්