වැරදි මාර්ග ඔස්සේ ඉදිරියට නොගොස් මැදදුර මිසයිල පද්ධතිය හැකි ඉක්මණින් ඉවත් කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලීමක් කරයි
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේ, ඇමරිකාව පිලිපීනය තුළ මැදදුර මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
උපායමාර්ගිකව යොදා ගත හැකි මෙන්ම ප්‍රහාරක අවියක් ද වන මැදදුර මිසයිල පද්ධතියක් පිලිපීනයෙහි ස්ථාපිත කිරීම බාහිර බලවේගයන් කලාපීය ගැටුම් ඇති කිරීමට අනුබල දෙන ක්‍රියාවකි. එය සිය රටට මෙන්ම අග්නිදිග ආසියානු කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ද වන වගකීම් විරහිත තීරණයක් බව ඇය ප්‍රකාශ කළාය. අදාළ කලාපය තුළ සාමය හා සමෘද්ධිය පැවතීම අත්‍යවශ්‍ය වන අතර මැදදුර මිසයිල පද්ධතියක් හා ගැටුම් අවශ්‍ය නොවේ. එසේම, මීට පෙර ලබා දුන් විවෘත ප්‍රතිඥාවට අනුව, පිලිපීනය මැදදුර මිසයිල පද්ධතිය හැකි ඉක්මණින් ඉවත් කළ යුතු බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා අවධාරණය කළාය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්