පදනම් විරහිත තත්ත්වයන් යටතේ චීනයට අපහාස කිරීම වහාම නතර කරන ලෙස චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කරයි.
යුරෝපා කවුන්සිලය ඊයේ(16)නව වටයේ සම්බාධක පැනවීම පිළිබඳව නිවේදනය කළ අතර රුසියාව යුක්රේන යුද්ධයට දරන උත්සාහය ඉන් දුර්වල කෙරෙන බව ද ප්‍රකාශ කළේය. යුරෝපා කවුන්සිලය ප්‍රථමවරට චීන ව්‍යවසායන් කෙරෙහි සංචාරක තහනම් කිරීම හා දේපළ සීමා කිරීම යන සම්බාධක ඊට ඇතුළත් ය.මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Li Jian මහතා අද පැවති මාධ්‍ය හමුවේදී පැහැදිලි කර ඇත.
ජාත්‍යන්තර නීතියේ කිසිදු පදනමක් නොමැති ඒකපාර්ශ්වික සම්බාධකවලට චීනය සෑම විටම විරුද්ධ වේ. යුරෝපා සංගමය චීන ව්‍යවසායන් කෙරෙහි සම්බාධක පැනවීම සම්බන්ධයෙන් චීනය දැඩි අප්‍රසාදය හා විරෝධය පළ කරන බව ද හෙතෙම පැවසීය. රුසියාව සමග ආර්ථික වෙළඳ සහයෝගීතා ප්රශ්නය මත ද්විත්ව ප්රමිතීන් ක්‍රියාත්මක කිරීම වළක්වා ගන්නා ලෙසත් චීන ව්‍යවසායන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට හානි කිරීම වහාම නතර කරන ලෙසත් චීනය යුරෝපා පාර්ශ්වයෙන් ඉල්ලා සිටී. චීන ව්‍යවසායන්හී නීත්‍යනුකූල අයිතිවාසිකම් ස්ථිර ලෙස සුරක්ෂිත කිරීමට චීනය දැඩි පියවර ගන්නා බවද Li Jian මහතා සඳහන් කර ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්