කැනේඩියානු රජය චීනයේ අදාළ පුද්ගලයන්ට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි.
මානව හිමිකම් උල්ලංඝනය හේතුවෙන් චීනයේ අදාළ පුද්ගලයන්ට එරෙහිව සම්බාධක පනවන බව කැනේඩියානු විදේශ ඇමතිවරයා ඊයේ (10) ප්‍රකාශ කළේ ය.
මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද කියා සිටියේ කැනේඩියානු රජයේ එම ක්‍රියාකලාපයට තරයේ විරුද්ධ වන බවයි. කැනේඩියානු රජය මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට බලහත්කාරයෙන් මැදිහත් වී ජගත් නීතිය හා ජගත් සම්බන්ධතා මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය කර ඇත. කැනේඩියානු රජයේ එම ක්‍රියාකලාපය චීනය හෙළා දකින බව ද මෞ නිං මහත්මිය පැවසුවා ය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්