පිලිපීනය සමග සංවාද හා සාකච්ඡා මගින් විධිමත් ලෙස සමුද්‍රීය ප්‍රශ්නය විසඳා ගැනීමට චීනය සෑම විටම උත්සාහ කරන බව චීනය පවසයි.චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(17) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.
සමුද්‍රීය ගැටලු සම්බන්ධ අදහස් හුවමාරු කර ගැනීමේ යාන්ත්‍රණය පරිපූර්ණ කිරීම පිළිබඳව මෙම මස ආරම්භයේදී චීනය හා පිලිපීනය සාකච්ඡා කළහ. රාජ්‍යතාන්ත්‍රික හා වෙරළාරක්ෂක අංශ අතර සංවාදය තවදුරටත් තහවුරු කරමින් මුහුදු කලාපයේ ස්ථාවරත්වය හා චීන -පිලිපීන සබඳතාවේ සමස්තය සහතික කිරීම සඳහා ඒකාබද්ධව ප්‍රයත්න දැරීමට දෙපාර්ශ්වයන් එහිදී එකඟ වූ බවද Lin Jian මහතා අවධාරණය කර ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ