Lanka Plus News

www.lankaplusnews.com

තීරුබදු සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ මෙතෙක් සාකච්ඡා කර නොමැති බව චීනය යළි අවධාරණය කරයි

තීරුබදු සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ මෙතෙක් සාකච්ඡා කර නොමැති බව චීනය යළි අවධාරණය කරයි. ‍

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා පසුගිය දා (25) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. ඇමරිකාව හා චීනය තීරුබදු  සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවට වන ඇමරිකානු වාර්තා පිළිබඳ මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම යළිත් මේ බව පැහැදිලි කර ඇත.

තමා සහ චීන වාණිජ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයා එම ප්‍රශ්නයට ඊයේ පැහැදිලි පිළිතුරු ලබා දුන් බව Guo Jiakun මහතා සඳහන් කළේය. තීරුබදු සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ මෙතෙක් කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැත. අදාළ වාර්තා ව්‍යාජ පුවත් බවද හෙතෙම පැවසීය. එබැවින් මහජනතාව ව්‍යාකූල නොකරන ලෙස චීනය ඇමරිකවෙන් ඉල්ලා සිටින බවද Guo Jiakun මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com