චීන මාධ්‍ය සමූහය සහ චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය ඒකාබද්ධව නිෂ්පාදනය කළ ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරු රූපවාහිනී වැඩසටහන් මාලාවක් පසුගිය 7 වනදා සිට චීන මාධ්‍ය සමූහයේ පළමුවැනි නාලිකාව ඔස්සේ විකාශය ආරම්භ වී තිබිණ.
කලා සංදර්ශන, සංචාරය කිරීම හා සංස්කෘතික ක්‍රියාකාරකම් යනාදී විවිධ අංගයන්ගෙන් යුත් රසවින්දන වැඩසටහන්වලින් සමන්විත මෙය දෙස් විදෙස් සුප්‍රසිද්ධ සංගීත මගින් චීනයට අනන්‍ය සංගීත හා ගෝලීය සංගීත ක්ෂේත්‍ර සම්මිශ්‍රණය කරමින් ඉදිරිපත් කරයි. මෙම අන්‍යෝන්‍ය හුවමාරු සබඳතා නිසා විවිධ ශිෂ්ටාචාරවල අපූර්වත්වය මනාව නිරූපනය වන අතර අන්‍යෝන්‍ය ඉගෙනීම තුළින් ශිෂ්ටාචාර පොහොසත් වීම ද පිළිබිඹු වනු ඇත.




More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්