“තායිවාන බෙදුම්වාදය” සඳහා වන සියලු කුමන්ත්‍රණ මුළුමනින්ම විනාශ කර දමන බව චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. මේ බව එහි ප්‍රකාශක Wu Qian මහතා ඊයේ (27) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
චීන තායිවාන ප්‍රදේශයේ පාලක Lai Ching-te මෑතකදී බෙදුම්වාදය සම්බන්ධව විවිධ ප්‍රකාශ සිදු කළ බවයි චීනය පවසන්නේ. එයට ප්‍රතිචාර දක්වමින් චීන මහජන විමුක්ති හමුදාව පසුගිය දා තායිවාන සමුද්‍ර සන්ධිය අසල යුද අභ්‍යාස පවත්වා තිබෙනවා.
තායිවානය චීනයේ කොටසක් බවත් එය කිසිදා රටක් නොවූ අතර එය ඉදිරියටත් වෙනම රටක් නොවන බව Wu Qian මහතා මෙහිදී පෙන්වා දුන්නා. එබැවින් තායිවාන ප්‍රශ්නය විසඳීම සඳහා චීන හමුදාව චීන කොමියුනිස්ට් පක්ෂයේ සමස්ත උපායමාර්ග අධිෂ්ඨානශීලීව ක්‍රියාත්මක කරන බව චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා මෙහිදී පැවසුවා.
මෙම ගැටළුව විසඳීම වෙනුවෙන් ඕනෑම මොහොතක යුද්ධයකට වුව ද සූදානම් බවත් නිසැකවම එම යුද්ධය ජයග්‍රහණය කරන බවත් සියලු බෙදුම්වාදී කුමන්ත්‍රණ මුළුමනින්ම විනාශ කර දමන බවත් චීනය පවසනවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්