CELAC සමුළුවට එක් වූ ඉහළ පෙළේ නායකයින් චීන විදේශ අමාත්‍යවරයා හමු වෙයි

චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා, පිළිවෙලින් හොන්ඩුරාස් විදේශ අමාත්‍ය Eduardo Enrique Reina මහතා, බොලිවියානු විදේශ අමාත්‍ය Celinda Sosa මහත්මිය, මෙක්සිකානු විදේශ අමාත්‍ය Juan Ramón de la Fuente මහතා මෙන්ම චීනයේ සුඩාන තානාපති සහ ධුරයෙන් ඉවත් වී යළි සිය රට බලා යාමට නියමිත නව විදේශ අමාත්‍ය Omer Mohamed Ahmed Siddig මහතා හමුවිය. චීන-ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍යයන්හි ප්‍රජා සංසදයේ (CELAC) සිව්වැනි අමාත්‍ය මට්ටමේ සමුළුවට සහභාගී වීමෙන් පසුව ඊයේ (14) මෙම හමුවීම් පැවැත්විණ.හොන්ඩුරාස් රාජ්‍යය එකම චීනය යන මූලධර්මයට අනුගත වීම නැවත තහවුරු කිරීම චීනය අගය කරන බවත්, එහි ස්වෛරීභාවය,ස්වාධීනත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා හොන්ඩුරාස් රාජ්‍යයට සහාය දෙන බවත් Wang Yi මහතා Reina මහතා හමුවූ අවස්ථාවේදී පැවසීය. රාජ්‍ය පාලනය පිළිබඳ තම අත්දැකීම් හොන්ඩුරාස් රාජ්‍යය සමඟ බෙදා ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බවත්,එරට ජාතික තත්වයන්ට ගැලපෙන සහ ජනතා සහාය ලබන සංවර්ධන මාවතක් ගවේෂණය කිරීමට උදව් කරන බවත් ඔහු පැවසීය.

චීන-ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍යයන්හි ප්‍රජා (CELAC) සංසදයේ සිව්වැනි අමාත්‍ය මට්ටමේ සමුළුවේ සමාරම්භක උත්සවයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ වැදගත් සහයෝගීතා මුලපිරීම් පිළිබඳව ලතින් ඇමරිකාව දැඩි ලෙස උද්යෝගිමත් වූ බව Reina මහතා මෙහිදී පැවසීය. හොන්ඩුරාස් රජය එකම චීනය යන මූලධර්මය දැඩි ලෙස පිළිපදින බවත්,රාජ්‍ය නායකයින් දෙදෙනා විසින් ඇති කරගත් වැදගත් එකඟතාවය මනාව ක්‍රියාත්මක කිරීමට තම රට සූදානමින් සිටින බවත් ඔහු පැවසීය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com