ASEAN-GCC-චීන සමුළුව කලාපීය සහයෝගීතාව නව යුගයකට යොමු කරයි – මැලේසියාවේ අගමැති

පළමු ASEAN(අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය)-GCC(ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය)-චීන සමුළුව අද (27) පස්වරුවේ මැලේසියාවේ Kuala Lumpur හි පැවැත්විණ.

මැලේසියානු අගමැති Anwar bin Ibrahim මහතා සමාරම්භක උත්සවයේදී දේශනයක් සිදු කළේය. මෙම සමුළුව කලාපීය සහයෝගීතාව නව යුගයකට පිවිසීම සනිටුහන් කරන බවත් එය ඉතා වැදගත් සන්ධිස්ථානගත අවස්ථාවක් බවත් ඔහු අවාධරණය කළේය. ASEAN, චීනය සහ GCC රටවල සමස්ත ජනගහනය බිලියන 2.1 ඉක්මවන අතර, මුළු ආර්ථික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 25 කට ආසන්න වන බවත් සහයෝගීතාවය සඳහා ඇති අපේක්ෂාවන් පුළුල් බවත් ඔහු පැවසීය. කලාපීය සංවර්ධනය සඳහා චීනයේ ඵලදායී කාර්යභාරය ඔහු විශේෂයෙන් අගය කළ අතර චීනය දිගු කලක් ASEAN හි විශ්වාසදායක හවුල්කරුවෙකු වී ඇති බව අවධාරණය කළේය. අන්‍යෝන්‍ය සම්බන්ධතාව හා සන්නිවේදනය, තාක්ෂණය සහ වෙළඳාම වැනි ක්ෂේත්‍රවල දෙපාර්ශ්වයේ සහයෝගීතාවය කලාපීය සමෘද්ධියට වැදගත් දායකත්වයක් ලබා දී ඇති බව ඔහු පැවසීය.

මෙම සමුළුව පාර්ශ්ව තුන අතර අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබිඹු කිරීමක් පමණක් නොව, ගෝලීය දකුණේ රටවලට ජයග්‍රාහී සහයෝගීතාවයේ නව ආදර්ශයක් ද සපයන බව ද Anwar මහතා පෙන්වා දී ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com