චීන සංවර්ධන සංසදයේ 2025 වාර්ෂික රැස්වීම ඊයේ(23) බෙයිජිං නගරයේ Diaoyutai ජාතික නිවාඩු නිකේතනයේ දී ආරම්භ විය. මෙය, චීනයේ ‘සැසිවාර දෙකෙන්’ පසු පැවැත්වෙන පළමු මහා පරිමාණ ජාතික මට්ටමේ ජාත්‍යන්තර සංසද අවස්ථාවය. මෙම රැස්වීමට අන්තර් ජාතික සමාගම් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර ප්‍රථම වරට ඊට එක්වන අන්තර් ජාතික සමාගම් සංඛ්‍යාව නව වාර්තාවක් පිහිටුවා ඇත.
මෙවර සංසදයේ තේමාව ” සංවර්ධන ගම්‍යතාවය සම්පූර්ණයෙන් විදහා පාමින් ගෝලීය ආර්ථිකයේ ස්ථාවර වර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම” යන්නයි. රැස්වීම අතරතුර, දෙස් විදෙස් ආරාධිතයෝ සාර්ව ප්‍රතිපත්ති, ප්‍රතිසංස්කරණ, පරිභෝජනය ඉහළ නැංවීම, නව ගුණාත්මක ඵලදායිතාව, කෘත්‍රිම බුද්ධිය යනාදී මාතෘකා කෙරෙහි අවධානය යොමු කරති.
මෑතකදී බොහෝ ජාත්‍යන්තර ආයෝජකයින් චීනයේ ආර්ථිකය සහ චීනයේ වත්කම් පිළිබඳව ධනාත්මකව සිටින බවත් ජාත්‍යන්තර ප්‍රාග්ධනය චීනයට ආපසු පැමිණ චීන සංවර්ධනයේ ප්‍රතිලාභ පොදුවේ බෙදා ගැනීම හෘදයාංගමව පිළි ගන්නා බවත් එම රැස්වීමට එක්වූ චීන මධ්‍යම මූල්‍ය හා ආර්ථික කොමිෂන් සභාවේ දෛනික කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ Han Wenxiu මහතා ප්‍රකාශ කළේය.


More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ ඉරාන-ඊශ්‍රායල විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකච්ඡා
දකුණු චීන මුහුදු කලාපයේ සිදු වන ඕනෑම හමුදා මෙහෙයුමයක් සිය පාලනය යටතේ පවතී–චීන හමුදාව
චීන-මධ්‍යම ආසියානු සහයෝගීතාවය කැළඹිලි සහිත ලෝකයකට වැඩි ස්ථාවරත්වයක් ගෙන එයි