කොළඹ නිදහස් චතුරඝ්‍රය අසළ වෙඩි වැදීමෙන් මිය ගොස් සිටි පුද්ගලයා සිය දිවි නසා ගන්නා බවට සදහන් ඔහු විසින් පරිගණක ගත් ගත කළ ලිපියක් හමුවූ බව කුරුදුවත්ත පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ පොලිස් උද්‍යානය, මිලාගිරිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මළ සිරුර අසල තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ද පොලිසිය විසින් සොයා ගනු ලැබ තිබෙනවා.
ඔහු ව්‍යාපාරිකයෙක් වන බවයි පොලිසිය සඳහන් කර සිටියේ. එමෙන්ම ඔහු ඉංග්‍රීසි වෙබ් අඩවියකට ද නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස ලිපි පළ කොට ඇති බවට වාර්තා වනවා.
ඉංග්‍රීසියෙන් පරිගණක ගත කළ තිබූ පිටු දෙකකින් සමන්විත එම ලිපියේ ඔහුට තිබෙන රෝගී තත්වයන් එහි සඳහන් කර ඒවා ශල්‍යකර්ම මගින් සිදුකර සනීප කර ගත හැකි වුව ද අන් අයට කරදරයක් නො වන පරිදි සිය දිවි නසා ගන්නා බව එහි සඳහන් වෙයි.
ඊට අමතර ව ඔහුගේ දේපළ සිය දරුවන් ට ලබා දෙන ආකාරය ද එහි තිබූ බව සඳහන්.
ඊයේ රාත්‍රී 8.30 ට පමණ දෙහිවල පදිංචි ඔහුගේ සහෝදරයාට ජංගම දුරකථනය හරහා කෙටි පණිවිඩයක් යවා තිබෙන මෙම පුද්ගලයා ඔහුගේ පෞද්ගලික ගමන් බෑගය විවෘත කරන රහස් සංකේත ද එහි සඳහන් කර ගමන් බෑගය තුළ ලිපියක් ඇති බවත් එය කියවා බලන ලෙස ද කෙටි පණිවුඩයේ සඳහන් කර තිබූ බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති