කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන පුද්ගලයන් භූමදානයට ඉඩ නොදීම මහ විකාරයක් යැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරනවා.

තම Facebook ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ භූගත ජල මට්ටම ඉහළ රටවලද ඇතුළුව ලොව රටවල් 194ක් කොරෝනා දේහයන් භූමදානය ඉඩ දී ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය එය පිළිගෙන ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

එක්සත් ජාතික සංවිධානය එය සලකා බලන ලෙසද ඉල්ලීමක් කර ඇති බවත් මෙරට මානව හිමිකම් කොමිසමද එම ඉල්ලීම පිළිගෙන ඇතැයි ද ඔහුගේ සටහනේ දැක්වෙනවා.

By Dheera

WP Twitter Auto Publish Powered By : XYZScripts.com