මෙරටින් ඊයේ (11) වාර්තා වූ නව්‍ය කොරෝනා ආසාදිතයින් 08දෙනා නාවික හමුදා සාමාජිකයින් බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඊයේ හඳුනා ගැනුණු නව්‍ය කොරෝනා ආසාදිතයින් 08 දෙනා සමග මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1,877 ක්.
මේ වන විට රෝහල් වල ප්‍රතිකාර ලබන කොරෝනා ක්‍රියාකාරී රෝගීන් ගණන 716ක්
කෙසේවෙතත්, ඉන් ආසාදිතයින් 1,150 දෙනෙකු මේ වනවිටත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.
මේ අතර පිලපීනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද ඊයේ (11) රාති‍්‍රයේ දිවයිනට පැමිණි බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

More Stories
ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට යොමු කෙරේ
කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බාධා
ඩොලරය අදත් පහළට