බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කොරෝනා වයිරසය සඳහා PCR පරීක්ෂණයේදී වෛරසය ආසාදනය නොමැති බව තහවුරු කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ ඔවුන්ගේ රියදුරුට සහ ගෘහ සේවිකාවකට දෙදෙනෙකුට COVID-19 රෝග විනිශ්චය කිරීමෙන් පසුව ධනාත්මක බව තහවුරු වූ පසු සල්මාන් සහ ඔහුගේ ඥාතීන් හුදෙකලාව සිටියා.
සියළුම පවුලේ සාමාජිකයන් සඳහා පරීක්ෂණ පවත්වන ලද අතර එහි ප්‍රතිපල අද පැමිණ තිබේ. ඔවුන් සියල්ලන්මට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු කර ඇත.
සල්මාන් ඛාන් සති අන්තයේ බිග් බොස් 14 රියැලිටි වැඩසටහනේ රූගත කිරීම් කරමින් සිට තිබෙනවා.
ඔහු හෙට සිට යළිත් බිග් බොස් වෙනුවෙන් රූගත කරනු ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
සල්මාන් ඛාන් පසුගිය මාසයේ ඔහුගේ චිත්‍රපටයක් වන රාධේ: යූර් මොස්ට් වොන්ටඩ් බායි චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළා.
ප්රභූදේව විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ දීෂා පටානි, රන්දීප් හුඩා සහ ජැකී ෂ්රොෆ් ද රංගනයෙන් දායක වේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ