නව කොරෝනා වසංගතය අතරතුර ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින මුඛ ආවරණයකින් සැරසී මහජන සෞඛ්‍ය පුරුදුවලට ගරු කරමින් කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
94 හැවිරිදි වියේ පසුවන රැජින, මේ සතිය මුලදී ලන්ඩනයේ පැවති සැමරුම් උත්සවයකදී මෙසේ මුඛ ආවරණයකින් සැරසී සිටින ආකාරය දැකිය හැකි විය.
එක්සත් රාජධානිය යුද්ධයේදී ජීවිත අහිමි වූවන්ට උපහාර දැක්වීම වෙනුවෙන් සෑම වසරකම නොවැම්බර් 11දා පැවැත්වෙන සිහිකැඳවීමේ දිනයට සමගාමීව පසුගියදා වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී මෙම උත්සවය පැවැත්විණි.
“මේ සතියේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී නාඳුනන සොලාදාදුවන්ගේ භූමදානය සිදුකිරීමේ සියවස් සැමරුමට පෙර පෞද්ගලික උපහාරයක් ලෙස රැජින මෙම උත්සවයට සහභාගි විය” යනුවෙන් බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් කීය.
රැජින පැලඳ සිටි කළු පැහැ මුඛ ආවරණය ඇගේ පෞද්ගලික සහායිකාව වන ඇන්ජෙලා කෙලී විසින් සෑදූවක් බව විශ්වාස කරන බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසයි. වසංගතය මුල් අවස්ථාවේදී චාල්ස් කුමරු වෛරසයට ගොදුරු වූ අතර, විලියම් කුමරුද වෛරසයට ගොදුරුව සිට ඇති බව පසුව අනාවරණය විය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ