කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ්‍රීතයෙක් ලෙස තමන්ද හඳුනා ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වන Tedros Adhanom Ghebreyesus ප්‍රකාශ කර සිටිනවා.
කෙසේ වුවත් තමන් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන බවත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
“කොවිඩ් වෛරසය අසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙක් ලෙස මාව හඳුනා ගෙන තිබෙනවා.
මට කිසිදු රෝග ලක්ෂණයක් නැහැ.
ඒ වගේම මම යහපත් සෞඛ්‍ය මට්ටමක සිටිනවා.
රෝග ලක්ෂණ පෙන්නුම් නොකළත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මාලාවන්ට අනුව මම ස්වයං නිරෝධායනයට යොමු වන අතරම ඉදිරි දින කිහිපය නිවසේ සිට රාජකාරී කිරීමට කටයුතු කරනවා යැයි”
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටී.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ