අද උදෑසන 6න් අවසන් වූ ගත වු පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයින් 221 දෙනෙකු සහ වාහන 40ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ පුද්ගලයින් 1480ක් සහ වාහන 218ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ.
ලබන සඳුදා අලුයම 5ට සමස්තයක් ලෙස බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු යළි පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන වාහන දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.
පොලිස් මූලස්ථානය පවසන්නේ එලෙස පැමිණෙන වාහන බස්නාහිර පළාතෙන් පිටත් වූ කාලසීමාව සොයා බැලීමේදී එය නිරෝධායන කාලසීමාව නම් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්