බස්නාහිර පළාත ආවරණය වන පරිදි මේ වන විට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරිනීතිය තත්ත්වය තුළ රජයේ සෞඛ්‍ය සේවා,ආරක්ෂක සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම සඳහා කොළඹ,කළුතර සහ ගම්පහ ආවරණය වන පරිදි තෝරා ගත් ඉන්ධන හල් ප්‍රමාණයක් විවෘතව තැබීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදුම්හල් 62ක්,ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදුම්හල් 68ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදුම්හල් 28ක් මෙලෙස විවෘතව පවතින අතර ඒවා පිලිබඳ තොරතුරු www.cepetco.gov.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්