ප්‍රංශය සහ ජර්මනිය දෙවන වරටත් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ, කෙරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තිය හමුවේයි.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් සඳහන් කළේ දෙසැම්බර් 1 වන දා දක්වා එරට වසා තැබෙන බවයි.
ප්‍රංශයේ රෝහල් ආසාදිතයින්ගෙන් පිරී යාමත් සමඟ ඇදන් සංඛ්‍යාව ද සීමා වී තිබෙනවා.
ගත වූ පැය 24 තුළ ප්‍රංශයෙන් නව ආසාදිතයින් 36,437ක් වාර්තා වී ඇති අතර එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ දොලොස් ලක්ෂ 35,132ක් ලෙසයි.
එමෙන්ම, ජර්මානු චාන්සල් ඇන්ජලා මර්කල් ද ඊයේ එරට වසා දැමීමට නියෝග කළා.
ඒ අනුව නොවැම්බර් 2 වන දා සිට ජර්මනියේ අවන්හල්, ආපනශාලා සහ සිනමාහල් වසා දැමෙනු ඇති.
කෙසේ වෙතත්, පාසල් සහ වෙළදසැල් දැඩි සීමාවන්ට යටත්ව පවත්වාගෙන යාමට අවසර ලබාදෙන බවයි ජර්මානු චාන්සල්වරිය කියා සිටියේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ