20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධවීම සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම ගෙන තිබූ තීන්දුවට පිටුපා එම සංශෝධනයට සහාය ලබාදුන් විපක්ෂයේ සිටින සියලුම මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට අද සවස රැස්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද සවස පැවති අතර, මීට පෙර පැවති කණ්ඩායම් රැස්වීම් තුනකදීම 20වැනි සංශෝධනයට හා ද්විත්ව පුරවැසිභාවයට විරුද්ධවීමට තීන්දු කළ නිසා එම තීන්දුවට පිටින් කටයුතු කළ මන්ත්‍රීවරුන් මෙසේ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කර ඇත.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති