ගාල්ල ධීවර වරායේ ධීවරයින් ඇතුළු සේවා සපයන්නන් 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මෙතෙක් ලැබුණු පී.සී.ආර් පරීක්ෂණ වාර්තා වලින් ඒ පිළිබඳව තහවුරු වී ඇති බවයි ගාල්ල නාගාරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසුවේ.
ඊයේ දිනයේ ගාල්ල ධීවර වරායේ ධීවරයින් ඇතුළු සේවා සපයන්නන් 166 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබුණා.
එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කොළඹ නැව් තටාකාංගන සේවකයාගේ බලපිටිය – කටුවිල ප්‍රදේශයේ පැවති ඥාතියෙකුගේ අවමංගල උත්සවයට සහභාගි වූ 15 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසානය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
More Stories
ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට යොමු කෙරේ
කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බාධා
ඩොලරය අදත් පහළට