හෙට (07) සිට වයඹ පළාත තුළ උපකාරක පන්ති පැවැත්වීම යළි දැනුම් දෙන තුරු අත්හිටුවන්නැයි පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලූරේ උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, රට තුළ පවතින නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්.
කොවිඩ් අවදානම සම්බන්ධයෙන් වයඹ පළාත තුළ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (6)පළාත් සභාවට කැඳවා තිබූ රාජ්‍ය නිලධාරීන්ගේ හමුවකදී ආණ්ඩුකාරවරයා මේ සඳහා වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී.බී.එම්.සිරිසේන මහතාට උපදෙස් ලබා දී ඇත.
මේ අනුව හෙට (7) දින සිට වයඹ පළාතට අයත් කුරුණෑගල, කුලියාපිටිය, පුත්තලම, හලාවත, නාරම්මල ආදි ප්‍රධාන නගර ඇතුළු නගරවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්