රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් කටාන, අක්කරපනහ ප්‍රදේශයේ දී කොල්ලකෑමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය සැප්තැම්බර් 30 වන දා 6 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ගිනි අවි පෙන්වා මෙම කොල්ලකෑම සිදුකර ඇති අතර කොල්ලකෑම සිදුවන අවස්ථාවේ නිවසේ පියා, මව, දුව, පුතා සහ සේවකයින් තිදෙනෙක් රැඳී සිට තිබේ.
නිවැසියන් පවසන්නේ, ගිනි අවිය පෙන්වා නිවසේ තිබෙන මුදල් ඉල්ලා සිටි බවත් කොල්ලකරුවන් නිල් පැහැති කුඩා මෝටර් රථයක සහ යතුරුපැදි දෙකක නැගී එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
කොල්ලකෑමට ලක්වූ මෙම පවුලේ පියා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි.
මාස හයක කාලයක සිට අසනීප තත්ත්වයේ පසුවන මොහු හෝටල්, බී.ඩි කර්මාන්තශාලා ඇතුලු ව්‍යාපාර රැසක හිමිකරුවෙක් බව වාර්තා වේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්