මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ඉතා ඉක්මනින් ලබාදීමට එම සමාගම එකඟතාව පළ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නෞකාවේ හිමිකාර සමාගමේ නීතීඥවරුන් දැනුම්දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.
මූලික වන්දි ගෙවීමක් ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් රුපියල් මිලියන 340 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ අතර පසුව අවසන් ඇස්තමේන්තුව ලෙස පසුගියදා තවත් මිලියන සියයක්ද ඇතුළත්ව රුපියල් මිලියන 442 ක වන්දි මුදලක් ලබා දෙන ලෙස දැනුම් දී සිටියා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්