අපරාධ කල්ලි සාමාජිකයකු වූ “රත්මලානේ රොහා“ නමැති පුද්ගලයාගේ මරණය හේතුවෙන් සැමරුම් උත්සව පැවැත් වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.
ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ලංසියාගේ මෘත ශරීරය වලදමා ඇති සොහොන් කොතට ඉහළින් මල් ඉසීමට ඔවුන් සූදානමින් සිට ඇත.
ඝාතනය වූ “කුඩු අංජුගේ“ සහෝදරයා වන “ලංසියාගේ“ මෘතදේහය වලදැමූ දෙහිවල ගල්කිස්ස නගරසභා පොදු සුසාන භූමියේ මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබූ බව පොලීසිය සදහන් කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ලංසියා නමැත්තාගේ බාල සහෝදරිය, කුඩු අංජු සමග වට්ස්ඇප් සබඳතා පැවැත් වූ පුද්ගලයෙකු සහ මල් ඉසිමට සූදානම් වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකාරිය ඇතුළු සැකකරුවන් අද (26) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර “රත්මලානේ රොහා“නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් සැමරුම් උත්සව පවත්වන සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්