බණ්ඩාරවෙල නගරයේ සිව් මහල් ගොඩනැගිල්ලක පිහිටි හෝටලයක් අද (23) පස්වරුවේ ඇති වු ගින්නකින් විනාශ වී තිබෙනවා.
ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවටයි අනාවරණ වි ඇත්තේ.
පොලීසිය සඳහන් කළේ, මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ලක පස්වන මහලේ ගින්න හටගෙන ඇති බවයි.
බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවීම් ඒකකයෙන් වාහන 3 ක්, දියතලාව යුද හමුදා කදවුරේ නිලධාරින්, පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩපවත්වා තිබේ.
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැතැයි පොලීසිය පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති