හෙට (22) දිනයේ සිට මංතීරු නීතියේ වෙනසක් සිදු කිරීමට රථවාහන පොලීසිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව බස්රථවලට වෙන්කර ඇති වම්පස මංතීරුවේ හෙට සිට කාර්යාල සේවකයන් සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස්රථ සහ වෑන් රථවලට ධාවනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
මේ අතර යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ධාවනය බස් ප්‍රමුඛතා මංතීරුවෙන් ඉවත් කර ඇති අතර ඔවුන්ට ඇතුළත මංතීරුවල ගමන් කිරීමේ අවස්ථාව හිමි වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කොළඹ අද (22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී මේ බව සඳහන් කළේය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්