කඳුකර කොටි ධේනුවකගේ සිරුරක් මස්කෙලිය බ්‍රවුන්ලෝ තේ වත්තේ තිබී හමු වී තිබේ. කොටි ධේනුවගේ හිසට වෙඩි තබා ඝාතනය සිදුකර ඇත.
නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂකවරයා වන ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කරන පරිදි එම සිරුර ඊයේ (21) දිනයේ දී සොයා ගෙන ඇත.
මේ බව වතු කම්කරුවන් පිරිසක් විසින් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් දී තිබේ.
ඉතා හොඳින් වැදුණු කඳුකර කොටි ධේනුව වයස අවුරුදු 06ක් පමණ වන බවත් හිසට එල්ලකළ වෙඩි පහර තුනක් මගින් ජිවිතක්ෂයට පත්ව ඇති බවත් වැඩි දුරටත් පැවසෙනවා.
කොටි ධේනුවට වෙඩි තබා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.
මිය ගිය කොටි ධේනුව සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර, පශ්චාත් මරණ පරික්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කරනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති