මරණ දඩුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නැමැති සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ට අවසර ලබා දෙන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුනාරත්න මහතා අද (17) නියම කළා.
ඒ අධිකරණයට අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශානි අබේසේකරට ඒරෙහි නඩුවට අදාළවයි.
ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා, ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකයා සහ තවත් පොලිස් නිලධාරීයෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ලෙස නියම කළා.
අද (17) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් තිදෙනා ඔක්තොම්බර් 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්