පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන් කණ්ඩායමක් සමග එක්වී හෙරොයින් ජාවාරම් කිරිමෙහි නිරත වූ බව කියන චමින්ද දයා ප්‍රියංක මල්ලවආරච්චි නොහොත් ටයිල් චමින්ද නම් සැකකරු ලබන 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී ඒ සමරදිවාකර මහතායි නියෝගය ලබාදුන්නේ.
අධිකරණ නියෝග මත දින 90 ක් මිනුවන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන විමර්ශනය කිරිමෙන් අනතුරුව සැකකරු අද අධිකරණය ට ඉදිරිපත් කර තිබුනා.
සැකකරු මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.
හෙරොයින් ග්‍රෑම් 05 ක් සමග සැකකරු පසුගිය ජූනි මාසයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් අනතුරුව සැකකරු හෙරොයින් ජාවාරම් කිරීම සදහා උපයෝගී කරගෙන තිබූ වාහන 06 ක් මිනුවන්ගොඩ පොලිසිය මගින් සිය භාරයට ගනු ලැබුවා.
එම වාහන රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කන්ඩායමක් විසින් මිනුවන්ගොඩ පොලිසියේ දී පසුගියදා පරික්ෂාවටද ලක් කලා.
2018 ජුනි මස 20 වෙනිදා සිට මෙම වසරේ ජුනි මස 15 වෙනිදා වන විට රුපියල් 37 කෝටි 37 ලක්ෂ විසිපන් දහසක මුදලක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ටයිල් චමින්ද නමැත්තා ගේ බැංකු ගිණුමට බැර වී ඇති බවත් එම මුදල් සංසරණය වු ආකාරය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ අවසන් වී නොමැති බවත් පොලිසිය අද අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති