රෝග වැළැක්වීමේ හා නිවාරණ ක්‍රම පිළිපදිමින් අද සිට පාසල් දිවා ආහාර වැඩ සටහන යළි ක්‍රියාවට නැංවෙනවා.
ඊට සමගාවීම සියලු පාසල් තුල පාසල් ආපනශාලාද අද සිට විවෘත කිරීමට පියවර ගන්නා ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී ඇත්තේ.
මෙම සියලු කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට යටත්ව සිදු කළ යුතු වනවා. එමෙන්ම පාසල් ආපනශාලා පවත්වාගෙන යාමේදී පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම අනිවාර්ය වනවා.
කෙටි විවේක කාලය තුල පාසල් ආපන ශාලාවට සිසුන් විශාල වශයෙන් පැමිණිම වළක්වාලීමට කටයුතු කළ යුතු බවටයි අධ්‍යාපන අමාත්‍යාංශය ගුරුවරුන්ට උපදෙස් දී ඇත්තේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති