නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 28 ක් පත් කෙරේ.
අදාළ විෂය භාර අමාත්‍යවරයා මෙම කාරක සභාවල සභාපතිවරයා ලෙස කටයුතු කරයි. ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකු ද ඊට ඇතුළත් ය.
මෙම එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් සංයුක්ත විය යුතුය.
අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා පත් කිරීම පිළිබඳ තොරතුරු ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට හෙට (08) ඉදිරිපත් කෙරේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්