20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ රටට අවශ්‍ය නොවන කරුණු කිහිපයක් අඩංගු බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසනවා.
ද්විත්ව පුරවැසියන්ට මහජන නියෝජිතයින් ලෙස පත්වීමට පනවා ඇති සීමා ඉවත් කිරීම සුදුුසු නොවන යෝජනාවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එහිදී “පසුගිය අවුරුදු 05 පුරා ගෙනාපු රටට හානිකර විවිධ අණ පනත්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඒ අණ පනත්වල තියෙන ව්‍යවස්ථානුකූල භාවය ගැන ප්‍රශ්න කිරීමට ලැබී තිබූ අවකාශය අපිට විශාල ශක්තියක් වුණා. එතකොට අපිට ආධාර උපකාර වෙච්ච ව්‍යවස්ථා ප්‍රතිපාදන වෙනස් කරන්න කටයුතු කරනවා නම් ඒ ගැන ගැඹුරින් අවධානය යොමු කරන්න අවශ්‍යයි.” යනුවෙන් සඳහන් කළා.
පිළිගත නොහැකි සහ අඩුපාඩු සහිත තවත් කරුණු කිහිපයක් විසි වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අඩංගු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග වැඩිදුරටත් පෙන්වා දුන්නා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති