Lanka Plus News

www.lankaplusnews.com

චීන රාජ්‍ය මණ්ඩලයේ නිත්‍ය රැස්වීමක් අගමැති ප්‍රධානත්වයෙන්

 චීන රාජ්‍ය මණ්ඩලයේ නිත්‍ය රැස්වීමක් අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(16) පැවැත්විණ. චීන ආර්ථිකයේ දේශීය සංසරණ අංශයට අදාළ වැදගත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය ඇතුළු කරුණු පිළිබඳව එහිදී අවධානය යොමු විය.

දේශීය සංසරණය ශක්තිමත් කිරීම ආර්ථිකයේ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කරන උපායමාර්ගික පියවරක් බව එම රැස්වීමේදී පෙන්වා දුන්නේය. ඒ සඳහා ‘පරිභෝජනය උත්තේජනය කිරීම පිළිබඳ විශේෂ මෙහෙයුම’ පුළුල් ව ක්‍රියාත්මක කරමින් නව ගුණාත්මක ඵලදායිතාව හා නවීන සේවා කර්මාන්තය සඳහා ආයෝජනය පුළුල් කළ යුතුය. එමගින් අභ්‍යන්තර ඉල්ලුමෙහි විභවය පූර්ණ ලෙස නිදහස් කරමින් දේශීය සංසරණයේ ගාමක බලය ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව එහිදී අවධාරණය කෙරිණ.

 විගණනයෙන් හඳුනා ගත් ගැටළු සම්බන්ධයෙන් අදාළ අංශවල වගකීම් සහ එහි උසස් පාලන අංශවල අධීක්ෂණ වගකීම් විමසමින් එහි නිවැරදි කිරීම් ඒ අයුරින් ම සිදු කිරීම සහතික කළ යුතුය.

නව බලශක්ති මෝටර් රථ කර්මාන්තයේ උසස් තත්ත්වයේ සංවර්ධනයට යොමු වෙමින් එහි තරගකාරී පටිපාටිය විධිමත් කිරීමට පියවර ගත යුතුය.

අනතුරුව ‘විදේශිකයින්ගේ ආගමන හා විගමන පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුවේ පාලන රෙගුලාසිය’ සංශෝධනය කිරීම පිළිබඳ රාජ්‍ය මණ්ඩලයේ තීරණ කෙටුම්පත එහිදී පරීක්ෂා කර සම්මත වී තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com