Lanka Plus News

www.lankaplusnews.com

වඩා සුන්දර මානව ශිෂ්ටාචාරයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී-චීන විදේශ අමාත්‍යංශය

වඩා සුන්දර මානව ශිෂ්ටාචාරයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පැවසුවාය. ඇය මේ බව ප්‍රකාශ කළේ ඊ10) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියෙකු නැගූ අදාල ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. 

දෙවන ඕකිඩ් සම්මානයේ ප්‍රතිඵල අද චීන විදේශ භාෂා කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කෙරිණ. විදේශ පුද්ගලයින් නව දෙනෙක් සහ ඇමරිකා‍වේ ෆිලඩෙල්ෆියා සන්ධ්වනි වාද්‍ය කණ්ඩායමට සම්මානය හිමි විය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මාධ්‍යවේදියෙක් විමසීය.

පළමුවෙන්ම සම්මානය දිනාගත් විදේශ මිතුරන්ට සහ ආයතනවලට සුබ පැතුම් පිරිනමන බව මාඕ නිං මහත්මිය පැවසුවාය. විවිධ ක්ෂේත්‍රවල විවිධ කාර්යයන්වල නිරත වුවද ඔවුහු, චීනය සහ විදේශ රටවල් අතර සංස්කෘතික හුවමාරුව සහ ජනතාව අතර හුවමාරුව ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටිති.

ඕකිඩ් සම්මානය තෝරා ගැනීම, ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කිරීමේ විචිත්‍රවත් පිළිවෙතකි. සංවාදය තුළින් අවබෝධය වැඩි දියුණු කරමින් හුවමාරු තුළින් වෙනස්කම් මඟහරිමින්, ශිෂ්ටාචාර අතර හුවමාරු සහ අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම සහ වඩා සුන්දර මානව ශිෂ්ටාචාරයක් ඒකාබද්ධව ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ඇය කියා සිටියාය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com