17 වන බ්‍රික්ස් නායකයින්ගේ රැස්වීම ඊයේ (06) Rio de Janeiro නගරයේ දී ආරම්භ විය.
ගෝලීය දකුණු සහයෝගිතා ශක්තිමත් කිරීම, වෙනස්කම පිළිගැනීම හා තිරසර බව සහිත ගෝලීය පාලනය ප්‍රවර්ධනය යන්න තේමා කර ගත් Rio de Janeiro ප්රකාශනය එහිදී නිකුත් කෙරිණ.
Rio de Janeiro ප්රකාශනයට අනුව සාමය ප්‍රවර්ධනය කිරීම, නියෝජනය හා සාධාරණත්වය සහිත ජාත්‍යන්තර පටිපාටිය ගොඩනැගීම ඉදිරියට ගෙන යාම, බහුපාර්ශ්වික පද්ධතිය ප්‍රතිසංස්කරණය හා යළි පුනර්ජීවනය සිදුකිරීම, තිරසර සංවර්ධනය හා වෙනස්කම පිළිගැනීම සහිත සංවර්ධනය ප්‍රවර්ධනය මගින් බ්‍රික්ස් රටවල උපායමාර්ගික සබඳතාව තවදුරටත් ගැඹුරු කරමින් විවිධ රටවල ජනතාව සඳහා සුභසෙත සැලසේ.
වර්තමානයේ ගෝලීය වෙළඳ සීමා ආශ්රිත ක්‍රියාවන් වේගවත්ව ඉහළ යමින් පවතී. ඉන් තවදුරටත් ගෝලීය වෙළඳාම දුර්වල වෙමින් ගෝලීය ආර්ථික සංවර්ධන අපේක්ෂාවට බලපෑම් සිදු වනු ඇත. ජාත්‍යන්තර නීතියට පටහැනි වන සියළු ඒකපාර්ශ්වික බලහත්කාර පියවරයන් හෙළා දකින බ්‍රික්ස් රටවල්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය රහිතව කිසිදු ඒකපාර්ශ්වික සම්බාධකයකට එකඟත්වය පළ නොකොට ඊට විරුද්ධ වන බව Rio de Janeiro ප්රකාශනයේ සඳහන් වේ.
නැගී එන වෙළඳපොල හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සංවාද හා හවුල්කාරීත්වය ශක්තිමත් කරමින් සැබෑ ජාත්‍යන්තර සහයෝගිතා බ්‍රික්ස් රටවල් ඉදිරියට ගෙන යනු ඇත.
එමෙන්ම ගෝලීය කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පාලනය, දේශගුණ විපර්යාසයන්ට ප්‍රතිචාර දැක්වීම, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සහයෝගිතාව, ගෝලීය සෞඛ්‍ය සහයෝගිතාව, බලශක්ති පරිවර්තනය, මානව සංස්කෘතික හුවමාරු හා සාමකාමීව අභ්‍යවකාශය ප්‍රයෝජනයට ගැනීම යනාදිය පිළිබඳව බ්‍රික්ස් රටවල ස්ථාවරය ද එමඟින් පැහැදිලි කෙරේ.
මේ අතර බ්‍රික්ස් රටවල මීළඟ සභාපතීත්වය සමඟින් 18 වන බ්‍රික්ස් නායකයින්ගේ රැස්වීම 2026 වසරේ දී ඉන්දියාවේ පැවැත්වෙනු ඇති බවත් Rio de Janeiro ප්රකාශනයේ වැඩිදුරටත් සඳහන් වේ.
More Stories
ගෝලීය පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පුරෝගාමියෙකු වීමට බ්‍රික්ස් රටවල් උත්සාහ කළ යුතු බව චීන අගමැති පවසයි
යුරෝපා සංගමය චීනයේ වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් ගනු ලැබූ පියවරයන්ට එරෙහිව චීනයෙන් ප්‍රති පියවර
බ්‍රික්ස් රටවල් ගෝලීය ආර්ථික සංවර්ධනයට ලබාදී ඇති දායකත්වය විශාලයි – බ්‍රසීල ජනපති