Lanka Plus News

www.lankaplusnews.com

ගෝලීය පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පුරෝගාමියෙකු වීමට බ්‍රික්ස් රටවල් උත්සාහ කළ යුතු බව චීන අගමැති පවසයි

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා “සාමය සහ ආරක්ෂාව, ගෝලීය පාලන ප්‍රතිසංස්කරණ” යන මාතෘකාව යටතේ දේශනයක් සිදු කරයි. බ්‍රසීලයේ Rio de Janeiro හිදී  ඊයේ (06)  පැවති 17 වන බ්‍රික්ස් රටවල නායක හමුවේ පළමු අදියරේ රුස්වීමට එක් වෙමින් ඔහු මෙම දේශනය පැවැත්විය.  

ගෝලීය දකුණේ “පළමු ස්ථරය” ලෙස, බ්‍රික්ස් රටවල් ස්වාධීනත්වයට අනුගතව වගකීම් මැනවින් භාර ගත යුතු බව, Li Qiang මහතා එහිදී සඳහන් කළේ ය. එමෙන්ම ගෝලීය පාලන ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධන ක්‍රියාවලිය තුළ පුරෝගාමියෙකු වීමට බ්‍රික්ස් රටවල් උත්සාහ කළ යුතු බවත් ඔහු අවධාරණය කළේ ය.

තවද, බ්‍රික්ස් රටවල් සදාචාරාත්මකව ලෝක සාමය සහ සන්සුන්භාවය ආරක්ෂා කළ යුතු බව, චීන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ය. සංවර්ධනයට අවධානය යොමු කරන අතරතුර, ආර්ථික වර්ධනයේ ගම්‍යතාව ද ශක්තිමත් කළ යුතු ය. එසේම ශිෂ්ටාචාර අතර හුවමාරු හා අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කළ යුතු බවත් Li Qiang මහතා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම බ්‍රික්ස් රටවල් සමඟ, ගෝලීය පාලනය වඩාත් සාධාරණ, කාර්යක්ෂම සහ ක්‍රමවත් දිශානතියකට ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම, වඩා යහපත් ලෝකයක් එක්ව ගොඩනැගීමට ද, චීනය කැමැත්තෙන් සිටින බව, Li Qiang මහතා එහිදී අවධාරණය කළේ ය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com