Lanka Plus News

www.lankaplusnews.com

චීන අගමැතිවරයා හා බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්

බ්‍රසීලය සමග සහයෝගතා තවදුරටත් වර්ධනයට චීනය අපේක්ෂා කරන බව චීන අග්‍රමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. ඩිජිටල් ආර්ථිකය, හරිත ආර්ථිකය, විද්‍යා තාක්ෂණ නව නිපැයුම් සහ අභ්‍යවකාශ වැනි අංශවල සහයෝගතා වර්ධනය බලාපොරොත්තුව බව හෙතෙම පැවසුවේ පසුගියදා( 5) බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silva මහතා හමුවූ අවස්ථාවේදීය.

17 වන බ්‍රික්ස් නායක සමුළුවට සහභාගීවීම සඳහා ලී ච්‍යං මහතා රි‍යෝද ජනයිරෝ නුවරට ගොස් සිටී. උසස් ගුණාත්මක එක් තීරයක් එක් මාවතක් රාමුව යටතේ වෙළඳ, මූල්‍ය හා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් බ්‍රසීලය සමග ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට චීනය බලාපො‍රොත්තු වන බව ද හෙතෙම කීය. 2026 චීන බ්‍රසීල සංස්කෘතික වසර ඒකාබද්ධව සාර්ථක කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් චීන අගමැතිවරයා අධ්‍යාපන, තරුණ, සෞඛ්‍ය ආරක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර මෙන්ම පුද්ගල හුවමාරු වර්ධනය වෙනුවෙන් ද ක්‍රියා කළ යුතු බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ බ්‍රසීල ජනාධිපතිවරයා චීනය සමග සබඳතා වර්ධනයට බ්‍රසීලය ඉහළ වැදගත්කමක් ලබා දෙන බව පැවසීය. දෙරටේ නායකයන් එළඹි එකඟතා අනුව යමින් චීනය සමග ක්‍රියා කිරීමට බ්‍රසීලය සූදානම් බවද හෙතෙම කීය. චීනය සමග බහුපාර්ශ්වික සංනිවේදනය හා සම්බන්ධීකරණය පුළුල් කිරීමට අපේක්ෂා කරන තම රට, ඒකාබද්ධව ඒකපාර්ශ්වවාදයට විරුද්ධ වන අතරම බහුපාර්ශ්වවාද‍යේ එල්බ සිටිමින් නිදහස් වෙළඳාම මෙන්ම ලෝක සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනයට ක්‍රියා කරන බවද බ්‍රසීල ජනාධිපතිවරයා පැවසීය. 

WP Twitter Auto Publish Powered By : XYZScripts.com