Lanka Plus News

www.lankaplusnews.com

චීන බුද්ධියෙන් ඩිජිටල් ශිෂ්ටාචාර මාවතට නවමු මඟක්

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අද වනවිට ලෝකය ප්‍රතිනිර්මාණය කරමින් සිටින්නේ භයානක වේගයකිනි. බුද්ධිමය යුගයේ ඩිජිටල් ශිෂ්ටාචාරය ඉදිරියට ගෙන යන්නේ කෙසේද? 2023 වසරේ ඔක්තෝම්බර් මාසයේදී, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, තුන්වන “එක් තීරයක් එක් මාවතක්” ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයේදී “ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලන මුලපිරීම” ඉදිරිපත් කළේය. එය අතීත පෙරදිග ප්‍රඥාවෙන් ඩිජිටල් යුගයේ ගෝලීය යහ-පාලනය සඳහා විධිමත් දිශානතියක් පෙන්වා දීමකි.

ජනතා කෙන්ද්‍රීය පාලනයේ පදනම

“ජනතාව කෙන්ද්‍ර කරගත්” පාලන දැක්ම චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇත. හෙතෙම අවධාරණය කළේ කෘත්‍රිම බුද්ධිය, සමස්ත මානවයින්ගේ පොදු සුබසාධනයට සේවය කරමින් සමාජ ආරක්ෂාව සහතික කරමින් මානව හිමිකම්වලට ගෞරවයක් ලෙස ක්‍රියා කළ යුතු බවය. “කෘත්‍රිම බුද්ධිය සැමවිටම මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතිය උදෙසා ඉදිරියට ගෙන යාම” සහතික කිරීම ඉන් අපේක්ෂා කෙරේ.

සාධාරණ හා සියල්ල ඇතුළත් පාලන පද්ධතිය

“මුළු ලෝකයම එකම පවුලකි” යන චීනයේ සාම්ප්‍රදායික දේශපාලන සංකල්පයෙන්, වත්මන් ලෝකයේ AI පාලන පද්ධතිය පරිවර්තනය කිරීමට චීන ජනාධිපතිවරයා සමත් විය. කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සඳහා සාධාරණ අයිතිවාසිකම්, අවස්ථා සහ නීතිරීති පැවතිය යුතු බව ද හෙතෙම අවධාරණය කරයි. එය බටහිර තාක්ෂණික ආධිපත්‍යයට මුළුමනින්ම විරුද්ධ මාවතකි. ඔහුගේ මුලපිරීමේදී, සංවර්ධනය වෙමින් පවතින රටවල නියෝජනය සහ හඬ පුළුල් කළ යුතු බවත් ජාත්‍යන්තර සහයෝගීතාවය හරහා “කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ නිර්මාණය වන පරතරය” පියවිය යුතු බවත් චීන ජනාධිපතිවරයා මනාව පැහැදිලි කර සිටී.

පොදු ඉරණමක් සහිත පාලන දැක්ම

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් ඉදිරිපත් කරන ලද “ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලන මුලපිරීම” “පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව” යන සංකල්පය යටතේ පවතින කාලීන අවශ්‍යතාවන්ට උචිත වූවකි. එක්සත් ජාතීන්ගේ රාමුව යටතේ විවිධ රටවල කෘත්‍රිම බුද්ධි පාලනයට සහභාගී වීමට සාධාරණ යාන්ත්‍රණයක් ගොඩනැඟීම සඳහා ෂී ජින්පිං මහතා පෙනී සිටී. එමගින් කෘත්‍රිම බුද්ධිය විශ්වීය සමගියෙන් යුත් සුන්දර ලෝකයක් නිර්මාණය කිරීම සඳහා යුද බිමක් වෙනුවට ශක්තිමත් පාලමක් බවට පත් වනු ඇතැයි ඔහුගේ අපේක්ෂාවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com