සංගමන් කන්දට ඔබ්බෙන් වු මුහුදේ අනතුරට ලක්ව ඇති නිව් ඩයමන් නමැති බොරතෙල් නෞකාවේ සිටි තිදෙනෙක්ශ්රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන මෙරටට රැගෙන විත් තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ ගිනිගනිමින් ඇති නැවේ කපිතාන්වරයා ද ඒ අතර සිටින බවයි.
බේරාගත් එක් කාර්යමණ්ඩල සාමාජිකයෙක් බරපතළ ලෙස තුවාල ලබා සිටින බවත් ඔහු තෙල් නෞකාවේ තුන්වැනි ඉංජිනේරුවා බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
තුවාල ලබා ඇති එම පුද්ගලයා නැගෙනහිර පළාතේ පිහිටි රෝහලක් වෙත ගෙනයෑමට කටයුතු සූදානම් කෙරෙන බවත් ඔහු කීය.
තෙල් නෞකාවේ සේවය කරමින් සිට ඇත්තේ පිලිපීන සහ ග්‍රීක ජාතිකයින් බවත් ඉන් 19 දෙනෙක් අද උදෑසන වෙනත් වෙළෙඳ නැවක් විසින් බේරාගෙන තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති