හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ 69 වන ජන්ම දිනය නිමිති කොටගෙන ගසක් රෝපණය කිරීමට ඒ මහතා පියවර ගෙන ඇත.
මේ පිළිබඳව තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ ජීවිතයේ සෑම සුභ කටයුත්තකදීම ගසක් රෝපණය කොට අප ජීවත් කරවන පරිසරය සුරකින්න දායකවන ලෙසයි.
ඒ සම්බන්ධයෙන් සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන මෙසේය.
‘මේ මිහිතලය මතු උපදින දරුවන්ට ආරක්ෂා කොට භාරදීම අප සැමගේ යුතුකම හා වගකීම වන්නේ ය. ජීවිතයේ සෑම සුභ කටයුත්තකදීම ගසක් රෝපණය කොට අප ජීවත් කරවන පරිසරය සුරකින්න දායකවන්න. මා ජනාධිපති ධූරය දැරූ කාලයේ ඔබෙන් කළ ගෞරවාන්විත ආයාචනයකි. අද මගේ ඡන්ම දිනයේ දී අප සැමට හුස්ම ලබාදෙන මිහිතලයට එක් පැලයක් එකතු කරමී.’
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති