එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රථම ශිෂ්ටාචාර සංවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය තේමා කර ගත් ගෝලීය වැඩසටහන වෙත, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික විදේශ ඇමති වං යී මහතා මාර්ගගතව දේශනයක් සිදු කරයි.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ඉදිරිපත් කර සමස්ත මානවයන්ගේ පොදු වටිනාකම ඔප් නංවමින් ශිෂ්ටාචාර උරුම හා නවෝත්පාදනය වෙත ඉහළ අවධානය යොමු කිරීම හා මානව හුවමාරු සහයෝගිතා ශක්තිමත් කිරීම මුලපුරන බව වං යී මහතා ඊයේ (10) එම දේශනයේ සඳහන් කළේය. එය, ශිෂ්ටාචාර සංවාද ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් චීනය දරා ඇති වැදගත් උත්සාහයකි.
ශිෂ්ටාචාර සමානාත්මතාව ආරක්ෂා කිරීම, ශිෂ්ටාචාර හුවමාරු අනුගමනය කිරීම හා ශිෂ්ටාචාර ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම අතින් ශිෂ්ටාචාර සංවාද ඉදිරියට ගෙන යාම චීනය යෝජනා කරන බව වං යී මහතා එහිදී කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් 2024 වසරේ දී 78 වැනි එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ දී චීනය ඇතුළු රටවල් 83ක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සම්මත කෙරිණ. ඊට අනුව සෑම වසරකම ජූනි මස 10 වනදා ශිෂ්ටාචාර සංවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය ලෙස නම් කෙරේ.
More Stories
චීන අගමැති සහ යුරෝපා මහ බැංකුවේ සභාපතිනිය අතර හමුවක්
චීන-අප්‍රිකා ආර්ථික වෙළඳ ප්‍රදර්ශනය චීනයේ Changsha නගරයේ දී ඇරඹේ
වෙළඳ සහ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් චීනය සමග ඇතිකරගත් එකඟතාවයන් මනා ලෙස ක්‍රියාත්මක කරන ලෙස ගෝලීය ප්‍රතිචාර දැක්වූවන් ඇමරිකාවෙන් ඉල්ලයි