චීන-ඇෆ්ගනිස්ථාන-පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ නිල නොවන රැස්වීමෙන් ප්‍රතිඵල රැසක්

චීන-ඇෆ්ගනිස්ථාන-පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ නිල නොවන රැස්වීම පැවැත්වේ. චීන විදේශ අමාත්‍ය වං යී මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) බෙයිජිං හි පැවති මෙම රැස්වීමට පාකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය  Muhammad Ishaq Dar සහ ඇෆ්ගනිස්ථාන වැඩබලන විදේශ අමාත්‍ය Mawlawi Amir Khan Muttaqi යන මහත්වරු සහභාගී වූහ. රැස්වීමෙහි ප්‍රතිඵල වං යී මහතා විසින් සාරාංශ කරන ලදි.

ඇෆ්ගනිස්ථානයට සහ පාකිස්ථානයට සිය ජාතික තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධන මාර්ග අනුගමනය කිරීමටත්, සිය ස්වෛරීභාවය, සුරක්ෂිතතාව සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීමටත් චීනයේ සහාය හිමි වන බව එහිදී එකඟ වී තිබේ.

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මට්ටම ඉහළ නැංවීමට කැමැත්ත පළ කර ඇති අතර හැකි පමණින් එකිනෙකා වෙත තානාපතිවරුන් යැවීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී තිබේ. චීනය මෙය සාදරයෙන් පිළිගනී.

“එක් තීරයක් එක් මාවතක්” ඒකාබද්ධව ගොඩනැගීම සඳහා සහයෝගීතාව තහවුරු කරමින් චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව ඇෆ්ගනිස්ථානය දක්වා ව්‍යාප්ත කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහාත් කලාපීය අන්තර් සම්බන්ධතා ජාල ගොඩනැගීම ශක්තිමත් කිරීම සඳහාත් එක්ව ක්‍රියා කෙරෙනු ඇත.

ඇෆ්ගනිස්ථානයේ ප්‍රතිසංස්කරණ හා සංවර්ධනයට සහාය දැක්වීමටත්, වෙළඳාම පුළුල් කරමින් එරට ස්වාධීන සංවර්ධන හැකියාවන් වැඩිදියුණු කිරීමට සහයෝගය දීමටත්, චීනය හා පාකිස්ථානය එහිදී කැමැත්ත පළ කර ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com