එක්සත් ජාතීන්ගේ ගෝලීය වශයෙන් වැදගත් කෘෂිකාර්මික සංස්කෘතික උරුම පද්ධති පිළිබඳ ලැයිස්තුවට චීනයේ තවත් ව්‍යාපෘති 3ක්

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය ඊයේ (21) ගෝලීය වශයෙන් වැදගත් නව කෘෂිකාර්මික සංස්කෘතික උරුම ලෙස ව්‍යාපෘති 6ක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අතරට චීනයේ ව්‍යාපෘති 3ක් ඇතුළත් ව තීබීම විශේෂත්වයකි.

චීනයේ Zhejiang පළාතේ Deqing මිරිදිය මුතු සංයුක්ත අභිජනන ධීවර පද්ධතිය , ‍Fujian පළාතේ Fuding හි සුදු තේ වගා සංස්කෘතික පද්ධතිය හා Gansu පළාතේ Gaolan Shichuan හි පුරාණ පෙයාර්ස් වතු පද්ධතිය නවතම කෘෂිකාර්මික සංස්කෘතික උරුම පද්ධති ලෙස ඇතුළත් කර ඇත. ඒ අනුව මේ වනවිට එක්සත් ජාතීන්ගේ ගෝලීය වශයෙන් වැදගත් කෘෂිකාර්මික සංස්කෘතික උරුම පද්ධති පිළිබඳ ලැයිස්තුවේ චීනය පෙරමුණ ගන්නා අතර ඊට චීනයේ ව්‍යාපෘති 25ක් ඇතුළත් වේ.

කෘෂිකාර්මික සංස්කෘතික උරුම පද්ධතීන් මානවයන් හා සොබාදහම අතර මනා සුසංයෝගයෙන් ජීවත්වීමේ ආදර්ශනයන් ලෙස සැලකිය හැකි බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය හා පාරිසරික කටයුතු පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂ Kaveh Zahedi මහතා ප්‍රකාශ කළේය.අදාළ පද්ධති පාරම්පරික උරුමය ලබමින් අඛණ්ඩව එහි ජීවගුණය ප්‍රවර්ධනය කරමින් පවතින බවද හෙතෙම පවසා ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com